ගම්මැද්දෙන් තවත් මෙහෙවරක්....

ගම්මැද්දෙන් තවත් මෙහෙවරක්....

by Staff writer 21-05-2025 | 9:42 AM

COLOMBO - (News1st) - කුලියාපිටිය, දෙමටව මහා විද්‍යාලයේ සිසුන් කාලයක සිට මුහුණ දුන් පානීය ජල ගැටළුවට විසදුමක් ලබා දීමට අද(21) මුල පිරෙනවා ඒ ගම්මැද්ද තවත් සත්කාරයක් ලෙසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යපන කලාපයේ, පඩුවස්නුවර අධ්‍යාපන කොට්ටාසයේ පිහිටා ඇති කුලියාපිටිය දෙමටව මහා විද්‍යාලයේ සිසුන් 300 කු පමණ අධ්‍යාපන ලබමින් සිටී.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් බහුතරයක් එදා වේල හම්බකරගෙන කන මිනිස්සු.

පාසල් දරුවන් කාලයක සිට මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වුණේ පානීය ජල ගැටළුවයි.

මීට පෙර ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හැදුවත් පාසල් භූමියේ ජලය නොමැති වීම නිසා එය අසාර්ථක විය.

අද ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය මගින් කිලෝමීටර් භාගයක පමණ දුරින් පිහිටි ස්ථානයක නළ ළිඳක් ඉදිකර එයින් ලබාගන්නා ජලය  නළ මගින් රැගෙන විත් ජල ටැංකියක ගබඩා කර බෙදා හැරීමට නියමිතයි.

ඊට මුල්‍ය අනුග්‍රහාය ලබා දෙන්නේ  නෙක්ස්ට් සෝසින්ග් ලිමිටඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගයි.