.webp)
උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය සලකා නොබලනු බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයැදුම්පත් ලබා ගත හැකි බවයි.