.webp)
ඒ, බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ය.
පොලිසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාමාගම් වෙතින් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවා ඇති බවයි.
ඒ ඔස්සේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව විමර්ශන කණ්ඩායම් සදහන් කළේ ය.
ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති කණ්ඩයාම් සංඛ්‍යාව 4කි.
පොලිසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව මහතා ගමන් කළ මෝටර් රථයට පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය .
වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ තුසිත හල්ඔලුව මහතා සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් අදාළ පුද්ගලයින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී එම වෙඩි තැබීම සිදුව තිබුණි.
වෙඩි තැබීමෙන් තුසිත හල්ඔලුව මහතාට කිසිදු තුවාලයක් සිදුව නැහැ.
කෙසේ වෙතත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේ ය.
පොලිසිය පැවසුවේ, ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.