.webp)
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම, ඊට හේතුවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර, දිස්ත්‍රික්ක 6කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.
එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුරයි.
මේ අතර ප්‍රධාන ජලාශ 10 ක වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ H M P S D හේරත් මහතා පැවසුවේ, රාජාංගනය, ලුණුගම්වෙරහෙර මහකනදරාව ඇතුලු ජලාශ 10 ක්, ඒ අතරට ඇතුළත් වන බවයි.
මධ්‍යම ප්‍රමාණයේ වැව් 6 ක් ද, වාන් දමමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.