ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද ..

ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

by Staff writer 19-05-2025 | 6:03 AM

COLOMBO (News 1st)-යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" අද පැවැත්වෙයි.

ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය ආරම්භ වන්නේ, අද පස්වරු 4 ට පමණයි.

ඊට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

පොලීසිය සඳහන් කළේ, මාර්ග වසා දැමීමක් නොකරන බවයි.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව, පොලීසිය පවසනවා.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට, පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර, පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.

කොළඹට ඇතුළු වන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර, පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ධාවනය කළ හැකි ය.