ප්‍රදේශ රැසකට තද වැසි...

බස්නාහිර ,සබරගමුව ඇතුළුව ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 18-05-2025 | 7:04 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමගයි.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර ප්‍රධාන ජලාශ 7 ක් වාන් දමමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රාජාංගනය ජලාශයෙන් වාන් දොරටු දෙකක්, ඊයේ (17) විවෘත කෙරිණි.