The Voice Sri Lanka Live Shows ඇරඹේ...

ජාත්‍යන්තර තරගාවලියක සජීවී අත්දැකීම The Voice Sri Lanka Live Shows ඇරඹේ...

by Staff writer 18-05-2025 | 2:58 PM

COLOMBO (News 1st) - The Voice Sri Lanka - Season 03 

සිරස TV ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන ජාත්‍යන්තර රියැලිටි අත්දැකීමේ සජීවි වටය, ඊයේ (17) ආරම්භ විය.Team හිරුෂිගේ කණ්ඩායම, ඊයේ සජීවී වටයට එක්විය.

අද, The Voice Sri Lanka - Season 03 තරගාවලියේ සජීවී වටයට තරග කරන්නේ, Team  සුපුන්ගේ කණ්ඩායමයි.

ඒ සඳහා එක්වන තරගකරුවන් සංඛ්‍යාව 6 ක්.

මොබිටෙල් ඇතුලු ඕනෑම ජංගම දුරකතනයකින් එම තරගකරුවන් වෙනුවෙන් මනාප ඕනෑම සංඛ්‍යාවක් යොමු කිරීමට ඔබට අවස්ථාව පවතී.

ඊට අමතරව SIRASATV.LK වෙබ් අඩවිය හරහා ද, මනාප පළ කළ හැකියි.

ලබන සෙනසුරා Team මිහිඳුගේ කණ්ඩායම සහ ලබන ඉරිදා Team රයිනිගේ කණ්ඩායම සජීවී වටයට එක් වේ.

The Voice Sri Lanka, අවසන් මහා තරගය ජුනි 14 වැනිදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.