විදුලි බිල 18.3% කින් ඉහළ දාන්න යෝජනාවක්

විදුලි බිල 18.3% කින් ඉහළ දාන්න යෝජනාවක් - ලංකා විදුලි බල මණ්ඩලය

by Staff writer 17-05-2025 | 4:56 PM

COLOMBO (News 1st) - විදුලි බිල සියයට 18.3 කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

එහි වැඩබලන සභාපති උදයංග හේමපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාවලිය ඊයේ (16) මහජන උපයෝගීතා කොමිසමට භාර දුන් බවයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම, විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය, මෙම මාසය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ, ජුනි පළමු වැනිදා සිටයි.