නාරාහේන්පිටදී වෙඩි තැබීමක්...

තුසිත හල්ඔලුව ඇතුළු තුන්දෙනෙකු පැමිණි මෝටර් රථය ඉලක්ක කර නාරාහේන්පිටදී වෙඩි තැබීමක්...

by Staff writer 17-05-2025 | 10:23 PM

COLOMBO (news 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාව වාහනය තුළ තිදෙනෙකු ගමන් කර තිබේ.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් හල්ඔලුව මහතාට කිසිදු හානියක් සිදුව නොමැති.

කෙසේවෙතත් ඔහු සතුව තිබුණු ලිපි ලේඛන ගොනුවක් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.