මේ මාසයේ පළමු දින 13 තුළ සංචාරකයින් 59,755ක්

මේ මාසයේ පළමු දින 13 තුළ සංචාරකයින් 59,755ක් මෙරටට

by Staff writer 16-05-2025 | 9:04 PM

COLOMBO (News 1st)-මේ මාසයේ පළමු දින 13 තුළ මෙරටට සංචාරකයින් 59,755 දෙනෙකු පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් ය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 9 ලක්ෂ 56,639 කි.