ප්‍රමිතියෙන් තොර පොහොර අලෙවි කළ 12ක් රිමාන්ඩ්..

ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට අලෙවි කළ 12දෙනෙකු රිමාන්ඩ්..

by Staff writer 15-05-2025 | 3:40 PM

COLOMBO (News 1st) - ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත 12 දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.  

පොළොන්නරුව සිරි පුර ගබඩාවක තිබී පොහොර මිටි 1565ක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාරයට ගෙන තිබුණි.

පොලිසිය සඳහන් කළේ, එම පොහොර CIC කවරවල බහා රුපියල් රුපියල් 12,000 කට පමණ අළෙවි කර ඇති බවයි.

දෙහිඅත්තකණ්ඩිය , සිරිපුර , හිඟුරන්ගොඩ , වැලිකන්ද සහ පොළොන්නරුවේ ගොවීන් එම පොහොර මිලදි ගෙන ඇති බව  අනාවරණය වී තිබේ.

එම පොහොර යෙදූ ගොවිබිම්, දැන් කහ පැහැ ගැන්වී ඇති බව පොලිසිය නිරික්ෂණය කර ඇති අතර පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන පවත්වයි.