ධාතුන් වහන්සේ වැඩම කරවීමේ දෙවැනි දිනය අදයි..

සිරසා නමාමි වෙසක් කලාපයට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීමේ දෙවැනි දිනය අදයි..

by Staff writer 10-05-2025 | 7:07 AM

COLOMBO (News1st)-සිරසා නමාමි - සිරස වෙසක් කලාපය වෙනුවෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම අද දෙවන දිනටත් සිදුවෙයි.

සිරස වෙසක් කලාපය මැයි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙස සිරස මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි.