.webp)
එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ජාතික වෙසක් සතිය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.
මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහය ලැබී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා ය.
වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරා සැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනු ඇති.
මේ අතර, නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.