බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි..

බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටෙයි..

by Staff writer 09-05-2025 | 9:44 AM

COLOMBO (News1st)-ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මීට ටික වේලාවකට පෙර මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවයි.

එහි යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් කිහිපදෙනෙකු සිට ඇති බවද ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා  පැවසුවේ ය