ශ්‍රී ලංකා - පකිස්ථාන ගුවන් ගමන් ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා - පකිස්ථාන ගුවන් ගමන් ගැන නිවේදනයක්

by Staff writer 08-05-2025 | 2:15 PM

COLOMBO (News1st) - පකිස්ථාන ගුවන්තොටුපොළ සහ ගුවන් අවකාශය වසා දැමීම සම්බන්ධයෙන් නිකුත් කරන උපදෙස් මත, එරට බලා පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් වාර අවලංගු විය හැකි බව, ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

එහි සන්නිවේදන අංශ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, අද(08) දහවල් කරච්චි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාරය ද, අවලංගු කළ බවයි.

ලාහෝර් බලා ඊයේ, පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාරය ද අවලංගු කෙරිණි.

ඉන්දියාව සමග උද්ගතව ඇති ගැටුම්කාරී තත්වයත් සමඟ පකිස්තාන ගුවන්තොටුපොළ කිහිපයක් මේ වනවිට වසා දමා තිබේ