සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී දිවයිනට..

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී දිවයිනට..

by Chathurika Jayasundara 04-05-2025 | 12:19 PM

COLOMBO ( News 1st ) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.

ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි ඔහු, පසුගියදා බෙලරූස් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම ඔහු රැගෙන ආවේ බෙලරූස් රාජ්‍යයේ සිටයි.

කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග කටයුතු කර ඇති ඔහු පසුව ලොකු පැටී නමැති  අපරාධ කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය සහ පුද්ගල ඝාතන රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ රැසක නඩු විභාග වේ.