සරසවි සිසුවාගේ මරණයට සිසුන් 20ගෙන් ප්‍රකාශ

සබරගමුව සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ

by Staff writer 03-05-2025 | 4:44 PM

COLOMBO (News1st) - සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, සිසුවාගේ මරණය නවක වදය දීමෙන් සිදුවූවා දැයි සැක කරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් හා මියගිය සිසුවාගේ පියා කල පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක බවයි.

නවක වදය අපරාධමය වරදක් බැවින් එවැනක් සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සබරගමුව විශ්වවිද්‍යාලය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.