.webp)
COLOMBO (News 1st)-ඔ
ස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද ආරම්භ විය.එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18 ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවයි.
ඇල්බනීස් නායකත්වය දෙන වාමාංශික කම්කරු පක්ෂය සහ පීටර් ඩටන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික ලිබරල් පක්ෂය අතර ඔස්ට්‍රේලියාවේ බලය බොහෝ කාලයක් තිස්සේ හුවමාරු විය.
වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියාවේ බලයට පත් වුණේ 2022 වසරේ මැයි මාසයේදී ය.