.webp)
COLOMBO ( News 1st ) - පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
එම කොමිසම සඳහන් කළේ, පසුගිය කාලයේ විමර්ශනය නොකළ පැමිණිලි අතර තිබූ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කළ විමර්ශන පාදක කර ගනිමින් මෙම අධි චෝදනා ගොනු කරන බවයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශන මෙහෙයවීමට සිදුව ඇති බව ද කොමිසම පවසයි.
පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින් 300ක විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ.
පැවති ආණ්ඩු සමයේ සිටි මැතිඇමතිවරුන් මෙන්ම දේශපාලන හිතවාදීන් රැසක් එම දූෂණ චෝදනාවන්ට සම්බන්ධ බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පවසයි.