UN සරණාගත ඒජන්සි කාර්යාල 4ක් වැසේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අරමුදල් කප්පාදුව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ කාර්යාල 4ක් වැසේ...

by Staff writer 30-04-2025 | 7:25 AM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය මෙක්සිකෝවේ පවත්වාගෙන ගිය කාර්යාල හතරක් වසා දමා තිබේ.

,ඒ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ආධාර කප්පාදු කිරීමෙන් පසුව ඔවුන් මුහුණ දුන් අරමුදල් අර්බුදය හේතුවෙනි.

එම ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ මේ වනවිට එම කාර්යාලවල පුද්ගලයින් 190 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති බවයි.

ඒජන්සියේ මෙහෙයුම් සඳහා වෙන්වූ අයවැයෙන් සියයට 60ක් අහිමි වී තිබෙන බව ද එහි නියෝජිතයෙකු පවසයි.

මෙක්සිකෝව පසුගිය වසරේ ලොව වැඩිම සරණාගතයින් ප්‍රමාණයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වී තිබිණි.

ඔවුන්ගෙන් බහුතරයක් කියුබා, එල් සැල්වදෝර, හයිටි, හොන්ඩුරාස් සහ වෙනිසියුලා ජාතිකයන්.