අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

by Staff writer 30-04-2025 | 10:15 PM

COLOMBO (News 1st) - අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධනවල මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 293 ක්.

රුපියල් 361 ව පැවති ඔක්ටෙන් 95  පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341 ලෙස දැක්වේ.

ලංකා සුදු ඩිසල් ලීටරයක් රුපියල් 12 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 274.

ලංකා සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 6 කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 325 ක්.
ලංකා භූමිතෙල් මිලද, රුපියල් 5 කින් පහළ දමා ඇති අතර භූමිතෙල් ලීටරයක් නව මිල රුපියල් 178 ක්.