ලංගම හිටපු උප සභාපතිට ඇප...

රාජපක්ෂ පවුලේ කතරගම නිවසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිට ඇප...

by Staff writer 29-04-2025 | 3:46 PM

COLOMBO (News 1st) - ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධීකරණය නියෝග කළේ ය.

ඊට අමතරව සෑම මාස 6 කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටිය යුතු බවද, අධීකරණ නියෝගයේ සඳහන්.

කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන්, සිදුවන විමර්ශනයකට අදාළව අද (29) පෙරවරුවේ එල්. ඒ විමලරත්න මහතා අත්අඩංගුවට ගැනුනේ, අම්බලන්තොට මාමඩල ප්‍රදේශ සිය නිවසේදීයි.

සැකකරු අදාළ නිවසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පූර්ණ මැදිහත්වීම සිදුකර ඇති බවත්, මුදල් විශුද්ධිකරණ පනතින් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබේ.