මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 32 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 32 ක් අත්අඩංගුවට...

by Staff writer 29-04-2025 | 3:57 PM

COLOMBO (News 1st) - මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 32 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කළ මාර්තු 03 වැනිදා සිට මේ දක්වා කාලය තුළයි.

එම කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ආධාරකරුවන් ගණන 137ක්.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 326 ක් ද ලැබී ඇත.

ඒ අතරින් 86ක්ම අපරාධමය පැමිණිලි වේ.