පිරිවැයට සරිලන ලෙස විදුලි බිල ගලපන්න - IMF

පිරිවැයට සරිලන ලෙස විදුලි බිල ගලපන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි

by Staff writer 29-04-2025 | 10:51 PM

COLOMBO (News 1st) - පිරිවැයට සිරිලන ලෙස විදුලි බිල ගැලපිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.

එම අරමුදල පෙන්වා දෙන්නේ විදුලිබිල එලෙස ගැලපීමක් නොකොළහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේනම් බදු ගෙවන්නන් මත තවත් පීඩනයක් එල්ල විය හැකි බවද, එම අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර වැඩි නොවන ලෙස කටයුතු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

එලෙස ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියා කළහොත් ඉදිරියේදී ජනතාවට විදුලි බිල සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි, එම අරමුදල අවධාරණය කර සිටී.