.webp)
ඒ සැකකරු අද (28) පස්වරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණේ, 2021 වසරේ චීන පොහොර සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්රමිතියෙන් තොර කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
සිද්ධියට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම්, අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු සහගත ලෙස පාඩුකළ බවට වන චෝදනා මත හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැණිනි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලදාරීන් වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, සැකකරු විසින් දූෂණය නැමැති වරද සිදුකර ඇති බවයි.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අල්ලස් කොමිසමේ නිලදාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.