සිරි දළඳා වන්දනාව අදින් අවසන්....

සිරි දළඳා වන්දනාව අදින් අවසන්.... මහනුවර පිරිසිදු කිරීමට විශේෂ වැඩපිළිවෙළක්.

by Staff Writer . 27-04-2025 | 6:35 AM

COLOMBO (News 1st)-සිරි දළඳා වන්දනාව අදින් අවසන් වෙයි.

දින 10 ක් පුරා සිරි දළඳා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියේ ය.

මහනුවර නගරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්, අද පස්වරුවේ ආරම්භ වෙයි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බවයි.