.webp)
කොමිසම එම දැනුම්දීම කර ඇත්තේ, අවස්ථා දෙකකදී කළ දැනුම්දීමට අනුව වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී නොසිටි පසුබිමකයි.
ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු පැහැදිලි කර ගැනීමට කොමිසම අද ඔහුට කැදවීම් කර තිබුණි.
හිටපු ජනාධිපතිවරයාට එලෙස කැදවීම කළ දෙවන අවස්ථාව මෙයයි.
එම කැදවීමට අදාළව වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේ, තම නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණි පසුව කොමිසම හමුවේ කරුණු පැහැදිලි කරන බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ නිවේදනය කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා විසින් යොමු කළ ලිපියකින් 28 වන සදුදා කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවයි.
ඒ අනුව එදින පෙරවරු 9 යි 30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි වික්‍රමසිංහ මහතාට අද දැනුම්දී ඇති කොමිසම එම ලිපියේ අවධාරණය කර තිබුනේ සාධාරණ හේතුවක් නොමැතිව කොමිසමේ පෙනී නොසිටියහොත් පනතේ 126 වන වගන්තිය අනුව කටයුතු කරන බවයි.