.webp)
ඒ සම්බන්ධව කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බව අවධාරණය කල මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේ ය.
මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ ඩබ්ලිව් 15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දේශබන්දු තෙන්නකෝන් මහතා දින 22 ක් රක්ෂිත බනධනාගාර ගත වී සිටි අතර පසුගිය අප්‍රෙල් 10 වැනිදා ඔහුට ඇප ලබා දීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා තීරණය කළේ ය.
ඒ අවස්ථාවේ අධිකරණය ලබාදුන් නියෝගය නොතකා මෝටර් රථයක් අධිකරණ භූමියට ඇතුළුකර එහි නැගී අධිකරණ සංකීර්ණයෙන් පිටව යාම පිළිබඳව නීතිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබුණි.