දළදා රාජකාරි කරන ආරක්ෂක සාමාජිකයින්ට දැනුම්දීමක්..

දළදා වන්දනාවේ විශේෂ රාජකාරියේ නිරත ආරක්ෂක සාමාජිකයින්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක්..

by Staff writer 22-04-2025 | 9:52 AM

COLOMBO (News 1st)-

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ටද ඒ ඒ හමුදා කඳවුරුවලද එම පහසුකම සලසා ඇති බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම, මේ මස 24, 25, 28 සහ 29 යන දිනයන්හිදී සිදු කෙරෙයි.