දළදා වන්දනාවට එන අයට උපදෙස් මාලාවක්...

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක්...

by Staff writer 22-04-2025 | 11:03 AM

COLOMBO (News 1st)-

සිරි දළදා වන්දනාවට එක්වන සැදැහැවතුන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යළිත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙන්නේ,  කිසිදු විටෙක පෝළිමේ සිටින විට කළබලයට පත්‍ නොවන ලෙසයි.

එසේ කළබල වුවහොත් තෙරපීම් සිදු විය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

1.විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.

2. ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මණින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න.
3.ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් (මීමැස්මොරය , අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා)

එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න  

4. ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම්  රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.

5. ඔබේ දරුවාගේ  සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දූරකථන අංකය ලියා රඳවන්න.

6. කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි.  

7. අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන්වලට දමන්න.

8. ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇතිවුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිළධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.

9. දුම්රිය පාපුවරුවේ, ජනේලවල හෝ බඳේ එල්ලීයාමෙන් වැළකී  දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු  වළක්වා ගනිමු.

10. ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.

11. ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැකගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.

12. මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක (පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.