සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට...

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට...

by Staff writer 20-04-2025 | 8:45 AM

COLOMBO (News 1st) - සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද, මැතිවරණ කොමිසමට භාරදෙන බව, රජයේ මුද්‍රණාලය පවසයි.

පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූයේ, අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙනි.

ඒ අනුව මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.