නීති විරෝධී මත්පැන් වටලන්න සුරාබදු නිලධාරීන් 900ක්

අලුත් අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් වැටලීමට සුරාබදු නිලධාරීන් 900ක් - සුරාබදු දෙපාර්තමේන්තුව

by Staff writer 14-04-2025 | 7:53 AM

COLOMBO (News 1st) -අලුත් අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක්, සහ සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වළක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ඉදිරිපත් කළ හැකියි.