කථානායකගෙන් දැනුම්දීමක්...

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුවට සාමාජිකයින් නම් කරන්න - කථානායක දැනුම් දෙයි

by Staff writer 13-04-2025 | 1:49 PM

COLOMBO (News 1st) - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා, සාමාජිකයින් නම් කරන්නැයි කථානායකවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

ඒ, එම කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමගයි.

ඒ සඳහා අගවිනිසුරුවරයා, විනිසුරුවරයෙකු පත් කළ යුතු වේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ද කමිටුවේ සාමාජිකයෙකි.
අගමැති හා විපක්ෂ නායකයා යන දෙදෙනාගේ එකඟත්වයෙන් නම් කෙරෙන වෘත්තිකයෙක්, අනෙක් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි.

විමර්ශන අවසන් වූ පසු කමිටු නිර්දේශ සහිත පූර්ණ වාර්තාවක්, කථානායකවරයාට භාරදීමට නියමිතයි.

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, එම නිර්දේශ පදනම් කරගනිමිනි.