.webp)
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, අවශ්‍යතාව මත අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් ක්‍රියාත්මක වනු ඇති.
ඊට අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රියවල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබේ.