.webp)

අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවයි.
කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, පිළිකා රෝගය මර්දනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි.
රජය මගින් සිදුකළ යුතු එවැනි ව්‍යාපෘති පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇති ව සිදු කිරීම හේතුවෙන් රජයේ බර තරමක් අඩුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
