.webp)
පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ආධාරකරුවන් 46 දෙනෙකුද අත් අඩංගුවට ගත් බවයි.
පොලිසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11 කි.
මේ අතර , පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසියට පැමිණිලි 148 ක් ලැබී තිබේ.
පොලිසිය පැවසුවේ අපරාධමය පැමිණිලි 27 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 121 ක් ඒ අතර වන බවයි.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්දය විමසීමට අදාලව දින 20 ක් ඇතුළත පැමිණිලි 1121 ක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ , ප්‍රචණ්ඩ ක්‍රියා 6 ක් සහ නීති උල්ලංඝණය කිරීම් 1062 ක් ඒ අතර වන බවයි.
ලද පැමිණිලිවලින් 996 ක් විසඳා ඇතැයිද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.