.webp)
COLOMBO ( News 1st ) -
'සහස්දනවි' විදුලි බලාගාරය සඳහා විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි.
ඒ අනුව වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතයි
ශ්රී ලංකාවේ ගෘහස්ත සහ ව්යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්රියාත්මක වෙයි.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක එම සහස්දනවි සංයුක්ත චක්රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඉදිකෙරෙනු ඇති.
එම බලාගාරය පළමුව විවෘත චක්රීය ක්රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත ජාතික විදුලි බද්ධතියට විදුලිය සපයන බව විදුලි බල මණ්ඩලය ප්රකාශ කළේ ය.
ඉන් අනතුරුව තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි