.webp)
COLOMBO ( News 1st ) - අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට ස්පාඤ්ඤ සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එලෙස කඩා වැටි ඇති බවයි.
මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙකු ද වේ.
අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.