තුරු සවිය අරමුදල ඈවර කෙරේ...

තුරු සවිය අරමුදල ඈවර කෙරේ...

by Staff writer 11-04-2025 | 8:17 AM

COLOMBO ( News 1st ) - රබර් වගාව සංවර්ධනය සඳහා පිහිට වූ තුරු සවිය අරමුදල ඈවර කිරිමට රජය තීරණය කර තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා සඳහන් කළේ, එහි සේවකයින් වෙනත් ආයතන වෙත අනියුක්ත කරන බවයි.

පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගා කිරීමේ මණ්ඩලය ද ඒකාබද්ධ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.