.webp)
COLOMBO ( News 1st ) -
අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය ප්‍රකාශයට පත් කළ තීරු බදු ප්‍රතිශතය යළි ඉහළ දමා තිබෙනවා.
ඒ, 125% ක් දක්වායි.
ඒ අනුව චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ තීරු බදු හා එය සමාන වනු ඇති.
අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පැනවූ නව තීරු බදු හෙට සිට ක්‍රියාත්මකයි.
අමෙරිකාව, ඉදිරියේදී පනවන කිසිදු බද්දක් සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වන බව ද, චීනය අද නිවේදනය කළේ ය.