පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.. - පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්..

by Staff writer 10-04-2025 | 8:33 PM

COLOMBO (News 1st)-අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

පෙරේදා මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී. .