.webp)
එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ගොවීන් සත්ත්ව පාලනයට යොමු කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
රක්ෂණ ක්‍රියාවලියේදී ගවයින් සඳහා, පවතින වෙළෙඳපොළ වටිනාකමින් සියයට 3 ත් 4 ත් අතර මුදලක්, රක්ෂණ වාරික ලෙස වාර්ෂික අය කෙරේ.
එළුවෙකු සඳහා වාර්ෂික රක්ෂණ වාරිකය, වෙළෙඳපොළ වටිනාකමින් සියයට 7 ක්.
එම සතුන් මියයාමකදී හෝ පූර්ණ ලෙස බෙලහීන වීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ය.