.webp)
පොලිසිය පැවසුවේ ක්ෂණික පොලිස් මාර්ග බාධකයක් යොදා තිබූ ස්ථානයක ඊයේ (08) රාත්‍රි එම අනතුර සිදුව ඇති බවයි.
අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා හා තවත් පුද්ගලයෙකු යටකර අනතුරුව විදුලි රැහැන් කණුවකද ගැටී ඇත.
ඉන් බරපතල තුවාල ලැබූ ඔවුන් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීයා මිය ගියේය.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි රස්නායකපුර පොලිසියට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙක්.
වෑන් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව අණාවරණ වී ඇති අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.