.webp)
මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30 සිට එය බලාත්මක වනු ඇති.
මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක්, තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය පවසනවා.
වෙළෙද යුද්ධයක් හරහා කිසිවෙකුට ජයක් නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේ ය.
අමෙරිකාව චීනයට අවස්ථා දෙකකදී පැනවූ සියයට 54ක තීරු බදුවලට එරෙහිව චීනයද අමෙරිකාවට සියයට 34ක ප්‍රති තීරුබදු පැනවීය.
ඊට විරෝධය පල කළ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ පැය 24ක් තුළ චීනය තීරුබදු ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාව චීනයට පනවන තීරුබදු සියයට 104 ක් දක්වා ඉහළ නංවන බවයි.
කෙසේ නමුත් චීනය එය ප්‍රතික්ෂේප කළේ ය.