.webp)
COLOMBO ( News 1st ) - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද(08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අද(08) පස්වරු 5.30ට ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
අද(08) පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
එසේම අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදයද අද(08) පස්වරුවේ පැවැත්වේ.
එසේම අපරාධ නඩු විධාන සංග්‍රහය, (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ නියමයක් අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා සිටින්නේ, දුම්බර බන්ධනාගාරයේයි.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ ය.