අද ඇද හැලෙන වැසි ගැන විස්තරේ මෙන්න..

දිවයිනේ තැනින් තැන් ඇතිවෙන වැසි ගැන විස්තරේ මෙන්න..

by Staff writer 08-04-2025 | 8:11 AM

COLOMBO ( News 1st ) - දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.