.webp)
එම කොමිසම පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනා මණ්ඩලය සමග එක්ව හෙට (09) සිට ලබන 21 වැනිදා දක්වා එම ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
අවුරුදු කාලසීමාව තුළ මහනුවර, පුත්තලම, හයිලෙවල්/ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව දුරගමන් බස් රථ ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ද කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.
ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කළේ, මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා අතිරේක බස් රථ 350ක් යෙදවීමට ද සැලසුම් කර ඇති බවයි.
මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා යාමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස් නැවතුම්පොළවලට මගීන් ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.