.webp)
COLOMBO ( News 1st ) - අමෙරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයින් අතර හමුවක් අද(08) දිනයේ පැවැත්වීමට නියමිතයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ යෝජනාවලිය එහිදී ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ලොව සෑම රටකින්ම ගෙන්වන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ, සියයට 10 ක තීරු බද්ද, පසුගිය 5 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
අන්‍යෝන්‍ය ගැලපීම මත සකස් කළ තීරු බදු හෙට(09) සිට ක්‍රියාත්මක වේ.
මේ අතර තීරු බදු ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් 50ක් පමණ අමෙරිකාව සමග වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් අවධාරණය කළේ සැලසුම් කළ පරිදි නව තීරු බදු ක්‍රියාත්මක කරන බවයි.