.webp)
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරන ලද කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසර 35ක් තුළ ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ මාරු කිරීම (BOT) ගිවිසුමක් යටතේ අදානි වරාය සහ SEZ සමාගම, ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සමන්විත ඒකාබද්ධ ආයතනයක් විසින් මෙහෙයවනු ලැබේ.
කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 800 ක සැලකිය යුතු ආයෝජනයක් නියෝජනය කරන අතර පර්යන්තය මීටර් 1,400ක දිගක් සහ මීටර් 20ක ගැඹුරකින් යුක්ත වන අතර, එමගින් පර්යන්තය වාර්ෂිකව ආසන්න වශයෙන් අඩි 20ක බහළුම් ඒකක (TEU) මිලියන 3.2 ක් හැසිරවීමට හැකියාව ලබා දෙනු ලැබේ.
භාණ්ඩ හැසිරවීමේ හැකියාවෙන් අනූනව සහ දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ හැකි , සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව කටයුතු සිදු කළ හැකි පිහිටි පළමු පර්යන්තය වනු ඇත.
2022 මුල් භාගයේදී ආරම්භ වූ ඉදිකිරීම් එතැන් සිට වේගවත් ප්‍රගතියක් අත්කර ගෙන ඇත.
අති නවීන යටිතල පහසුකම් ස්ථාපනය කිරීම අවසන් අදියරේ පවතින අතර කලාපීය සමුද්‍රීය සැපයුම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම ප්‍රමුඛ අරමුණක් වේ.
කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා පවසයි.
මෙම පර්යන්තය ඉන්දියානු සාගර කලාපයේ වෙළඳාමේ අනාගතය නියෝජනය කරනවා පමණක් නොව, එය විවෘත කිරීම ශ්‍රී ලංකාවට ආඩම්බර මොහොතක් වන අතර එය ගෝලීය සමුද්‍ර සිතියමේ ස්ථිරව තබන බව ද ඔහු සඳහන් කරයි
කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධනයේ ප්‍රගතිය දැකීම ගැන ආඩම්බර වන බව ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි.