මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට

මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට: සමස්ත ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැටතුන් දහස් එකසිය හැත්තෑවක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

by Staff writer 07-04-2025 | 6:39 PM

COLOMBO (News 1st) - මෙරට සමස්ත ජනගහනය දාහතර ලක්ෂ තුන් දහස් හත්සිය තිස් එකකින් ඉහළ ගොස් ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය.

ඒ, 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂවයි.

ඒ අනුව, මෙරට සමස්ත ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැටතුන් දහස් එකසිය හැත්තෑවකි.

ජන හා නිවාස සංගණන වාර්තාව ඉදිරිපත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2012 / 2024 අන්තර් සංගණන කාලපරිච්ඡේදය සැලකූ විට ජනගහනය සාමාන්‍ය වර්ධන අනුපාතිකය සියයට 0.5ක් වන බවයි.

පළාත් අනුව ජනගහනය සැලකූ විට මුළු ජනගහනයෙන් සියයට 28.1ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

සියයට 5.3ක් වූ අඩුම ජනගහනයක් වාර්තා වන්නේ උතුරු පළාතෙනි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජන හා නිවාස සංගණන වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ දිස්ත්‍රික් මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී වැඩිම ජනගහනයක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් පෙන්නුම් කරන බවයි.

එම ජනගහනය මිලියන 2කට අධික බව සඳහන් වේ.

දිවයිනේ ජනගමනය අඩු දිස්ත්‍රික්ක ලෙස මුලතිව්, මන්නාරම, කිලිනොච්චි සහ වව්නියා හඳුනාගෙන තිබේ.

ජන හා නිවාස සංගණන වාර්තාව අද (07) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දුන්නේ ය